මම බෙද බෙදා වටේ යනවා කියන්නේ රටේ සිටින අමනෝඥයෝ – සජිත් ප්‍රේමදාස

අපේ දේශපාලනය සහ සංවර්ධන කටයුතු පටලවා ගන්න එපා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 145 වැනි අදියර යටතේ අද පුත්තලම වෙන්නප්පුව නයිනමඩම සාන්ත මරියා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය සංගීත, නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ රටේ සිටින අමනෝඥයෝ කොට්ඨාසයක් සජිත් ප්‍රේමදාස බෙදමින් සිටින බවට චෝදනා කරන බවත් බෙදිල්ල හොද නැහැ කියන්නේ අන්ත කොමියුනිස්ට් වාදී, අන්ත සමාජවාදී විප්ලව ගැන කයිවාරු ගහන නමුත් තමන්ගේ දුවා දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල පාසල්වල අඩුපාඩුවක් නොමැතිව ඉගෙන ගන්නා විප්ලවවාදීන් බවත් නැති තැනට බෙදන එක මොවුන්ට අනුව නරක බවත් මේ කුහකයන්ට අනුව ශබ්දකෝෂ ලබා දෙන එක පවා වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?