දෙගුණයකින් ඉහළ ගිය අවුරුදු කැවිලි මේසයේ වියදම

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් සකස් කිරීමේ පිරිවැය 2019 වසරට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා.

අධ්‍යයනය කළ වෙරිටේ රිසර්ච් පවසන්නේ පසුගිය වසරට සාපේක්ෂව වියදම සුළු ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි.

වෙරිටේ රිසර්ච් වාර්තාවට අනුව, 2019 දී රුපියල් 72ක් වූ කිරිබත් කෑලි 10ක වියදම මේ වසරේ දී රුපියල් 166ක්.

රුපියල් 232ක් වශයෙන් ගණනය කර ඇති කොකිස් 20ක් 2024 දී රුපියල් 457ක් වනවා.

කෙසෙල්, අලුවා, කැවුම්,බටර් කේක්, දොදොල් සහ මුං කැවුම් යනාදී අවුරුදු කෑම මේසයට අවශ්‍ය අනෙකුත් කැවිලි මිල ගණන් ද 2019ට සාපේක්ෂව දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව 2019 දී රුපියල් 2,288ක් වූ අවුරුදු කෑම මේසයේ වියදම මේ වසරේ දී රුපියල් 5,070ක්.

පසුගිය වසරේ දී එම වියදම රුපියල් 5,173ක් බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය වස⁣රේදී සියයට 126කින් වැඩි වූ කැවිලි මේසයේ වියදම මේ වසරේ දී සියයට දෙකකින් අඩු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?