දෙගුණයකින් ඉහළ ගිය අවුරුදු කැවිලි මේසයේ වියදම

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් සකස් කිරීමේ පිරිවැය 2019 වසරට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා.

අධ්‍යයනය කළ වෙරිටේ රිසර්ච් පවසන්නේ පසුගිය වසරට සාපේක්ෂව වියදම සුළු ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි.

වෙරිටේ රිසර්ච් වාර්තාවට අනුව, 2019 දී රුපියල් 72ක් වූ කිරිබත් කෑලි 10ක වියදම මේ වසරේ දී රුපියල් 166ක්.

රුපියල් 232ක් වශයෙන් ගණනය කර ඇති කොකිස් 20ක් 2024 දී රුපියල් 457ක් වනවා.

කෙසෙල්, අලුවා, කැවුම්,බටර් කේක්, දොදොල් සහ මුං කැවුම් යනාදී අවුරුදු කෑම මේසයට අවශ්‍ය අනෙකුත් කැවිලි මිල ගණන් ද 2019ට සාපේක්ෂව දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව 2019 දී රුපියල් 2,288ක් වූ අවුරුදු කෑම මේසයේ වියදම මේ වසරේ දී රුපියල් 5,070ක්.

පසුගිය වසරේ දී එම වියදම රුපියල් 5,173ක් බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය වස⁣රේදී සියයට 126කින් වැඩි වූ කැවිලි මේසයේ වියදම මේ වසරේ දී සියයට දෙකකින් අඩු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55