Indian Premier League

මියගිය මාළු තොගයක් මුන්දලමට ගොඩ ගසයි (ඡායාරුප)

මුන්දලම කලපුවේ මසුන් විශාල ප්‍රමාණයක් මිය යමින් සිටින බව එම ප්‍රදේශයේ ධීවරයින් පවසනවා.

මෙම තත්ත්වය ඊයේ (06) දින දහවල් කාලයේ සිට දකින්නට ලැබුණු බවයි මුන්දලම ශාන්ත ජේමිස් ධීවර සමිතියේ සභාපති මර්තීණු ප්‍රනාන්දු සදහන් කළේ.

මුන්දලම කලපුව භාවිතා කරමින් 1000කට අධික ධීවරයින් පිරිසක්ද, ඒ ආශ්‍රිත රැකියා කරන විශාල ප්‍රමාණයක්ද සිටිනවා.

මිය ගිය ලොකු කුඩා මසුන් ලක්ෂ ගනනක් කිලෝ මීටර් 03 ක් පමණ දුරට කලපු තීරයට ගොඩ ගසා ඇති ආකාරයක් දක්නට ලැබෙන බව ද අප වාර්තාකරු පැවසුවා.

මෙහිදී වෙරළට ගොඩ නොගැසූ මිය ගිය මසුන් විශාල ප්‍රමාණයක් කලපුව තුළ සිටින බවත්,ඊයේ (06) දින රාත්‍රීයේ යොදන
ලද දැල් වලට එම මාළුන් පැටලී සිටින බවත් ධීවරයින් ප්‍රකාශ කළා.

දැල් වලට පැටලී ඇති මාළු මිය ගොස් තිබෙන බැවින් එම සතුන් අලවි කිරීමට නොහැකි බවද, වෙරළට ගොඩ ගසා ඇති මසුන් නරක් වීමට පටන් ගෙන ඇති නිසා විශාල පාරිසරික හානියක් සිදු වෙමින් පවතින බවද ධීවරයින් කියා සිටියා.

පසුගිය වසරේද මේ ආකායට මුන්දලම කලපුව තුළ මසුන් මිය ගොස් ඇති අතර ඒ පිලිබදව නාරා ආයතනය පරීක්ෂණයක්ද පත්වනු ලැබුවා.

කලපුවේ ඔක්සිජන් හිග වීම හේතුවෙන් මෙය සිදුව ඇති බව එම ආයතනය සදහන් කළ බව ශාන්ත ජේමිස් ධීවර සමිතියේ සභාපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් සත්‍ය ලෙසම මෙම හානිය සිදුවී ඇත්තේ කලපුව අවට ඇති ඉස්සන් ගොවිපල වලින් ඉවත් කරන අපද්‍රව්‍ය කලපුවට එකතුවීම නිසා බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

කුඩා මසුන් මිය යාම හේතුවෙන් වසර කීපයකට මුන්දලම කලපුවේ නැවත රැකියාව කිරීමට තමන්ට නොහැකි වන බවද ධීවරයින් පැවසුවා.

02 2
04 1
01
05 1
09 1
07 1
06 1
10
08 1
14
15 1
16
11 2
13
17
19
20
21
22 1
18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
3
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුවට සැර වෙයි
07:13
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
31:30
Video thumbnail
බලංගොඩ කස්සප හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්
11:46
Video thumbnail
දිලීත්ගේ මුළු මූණම අද රතු වෙලා...මොකද මේ මළ පැනලා
10:54
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46

?