විපක්ෂයෙන් ඉදිරි මැතිවරණයට දැවැන්ත සන්ධානයක්

සමගි ජන බලවේගය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකගේ සහභාගිත්වයෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය සමග නිදහස ජනතා සභාව සන්ධාන ගත වීම හෙට (05) දින පෙරවරුවේදී සිදු කිරීමට නියමිත වනවා.

මෙය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

පවතින රජයේ මර්දනකාරී සහ දූෂිත වැඩපිළිවෙළට එරෙහි වෙමින් ඉදිරි මැතිවරණ වලදී විපක්ෂයේ ජයග්‍රහණය අරමුණු කර ගනිමින් විපක්ෂයේ සැබෑ ආණ්ඩු විරෝධී බලවේග එක් කර පුළුල් සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා නිදහස ජනතා සභාව පසුගිය කාල සීමාව තුළ කටයුතු කරනු ලැබීය.

මෙහිදී නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් හෙට (05) දින පෙරවරු 09.45 ට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කරනු ඇති.

මෙහිදී මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නායකත්වයෙන් නීතිඥ ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති ,කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් නිදහස ජනතා සභාව නියෝජනය කරමින් සමගි ජන සන්ධානය සමඟ එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
15
+1
1
+1
1
+1
3
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58