spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂයෙන් ඉදිරි මැතිවරණයට දැවැන්ත සන්ධානයක්

සමගි ජන බලවේගය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකගේ සහභාගිත්වයෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය සමග නිදහස ජනතා සභාව සන්ධාන ගත වීම හෙට (05) දින පෙරවරුවේදී සිදු කිරීමට නියමිත වනවා.

මෙය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

පවතින රජයේ මර්දනකාරී සහ දූෂිත වැඩපිළිවෙළට එරෙහි වෙමින් ඉදිරි මැතිවරණ වලදී විපක්ෂයේ ජයග්‍රහණය අරමුණු කර ගනිමින් විපක්ෂයේ සැබෑ ආණ්ඩු විරෝධී බලවේග එක් කර පුළුල් සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා නිදහස ජනතා සභාව පසුගිය කාල සීමාව තුළ කටයුතු කරනු ලැබීය.

මෙහිදී නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් හෙට (05) දින පෙරවරු 09.45 ට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කරනු ඇති.

මෙහිදී මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නායකත්වයෙන් නීතිඥ ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති ,කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් නිදහස ජනතා සභාව නියෝජනය කරමින් සමගි ජන සන්ධානය සමඟ එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?