කාන්තාවකට ආරක්ෂිතව සංචාරය කළ හැකි ලොව හොඳම රට ලංකාව

ලොව පුරා ඕනෑම තැනක සිටින කාන්තාවකට, 2024 වසරේදී පහසුවෙන්ම, ආරක්ෂිතව සහ වඩාත් විනෝදජනක තනිව සංචාරය කළ හැකි ලොව හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට මෙම සහතිකය ලබා දී ඇත්තේ ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්ත පිළිබඳ මෙන්ම ආහාර, සංස්කෘතීන්, චිත්‍රපට ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ විචාර ඉදිරිපත් කරන timeout වෙබ් අඩවියයි.

Timeout.com වෙබ් අඩවියට අනුව, 2024 දී තනි කාන්තා සංචාරකයින් සඳහා අංක එකේ ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම විදේශගත වීමට සලකා බලමින් සිටින බව මෑතකාලීන සමීක්ෂණයකින් පෙන්වා දී ඇති අතර, කාන්තාවන් තනිවම සිදුකරන සංචාරද ඉහළ ගොස් ඇති බව සඳහන්.

Timeout වෙබ් අඩවියට අනුව හුදකලා සංචාරකයින් සඳහා ගමනාන්ත සලකා බැලීමේදී ආරක්ෂිත නවාතැන් පහසුකම්, හොඳින් ස්ථාපිත මාර්ග, එම රටේ ජනතාව සහ සමාජ අන්තර්ක්‍රියා මෙන්ම නිදහසේ කාලය ගත කිරීමට ඇති හැකියාව යන කරුණු පිළිබඳ සලකා බලා තිබෙනවා.

ඉන්දියන් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුවිශේෂී චමත්කාරජනක රාජ්‍යයක් ලෙස වෙබ් අඩවිය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඔවුන් පවසන්නේ තනි වික්‍රමාන්විත ක්‍රියාකාරකම්වල යෙදෙන කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් බවයි.
හුදකලා කාන්තා සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති එක් විශේෂත්වයක් වන්නේ එහි යුනෙස්කෝව ලැයිස්තුගත කර ඇති පෞරාණික ස්ථාන පිහිටීම බවද Timeout වාර්තාවේ සඳහන්.

එසේම, විවේකයක් සොයන තනි කාන්තා සංචාරකයෙකුට සුදුසු වෙරළ තීරයන් ලෙස වෙබ් අඩවිය සිය වාර්තාව මගින් ආරුගම්බේ, මිරිස්ස සහ හික්කඩුව නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට පසුව 2024 වසරේදී තනි කාන්තා සංචාරකයෙකුට සුදුසු ගමනාන්ත ලෙස ඔවුන් නම් කර ඇත්තේ පෘතුගාලය, චෙක් රාජ්‍යය, ජපානය, ග්වාතමාලාව, වියට්නාමය, ඔස්ට්‍රේලියාව, ග්‍රීසිය සහ නවසීලන්තයයි.

  1. ලංකාවේ මේවා ලියන උන් හිතන් ඉන්නෙ ලෝකේ කියන්නෙ දකුනු ආසියාවට කියල , ගොන් වාහෙල අඅඩුම තරමේ යු ටියුබ්, ගූගල් වත් සර්ච් කරල බලපල්ල මේවා ලියන්න කලින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05