පිටි බෙදාහරින ආයතනයකට කඩාවැදී ලක්ෂ 39කට වැඩි මුදලක් කොල්ලකාලා

හොරණ සව්ගස් හන්දියේ දී ආයුධ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (01) සවස පිටි බෙදා හරින ආයතනයකට කඩා වැදී රුපියල් ලක්ෂ 39 1/2 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසනවා.

අදාළ පිටි බෙදා හරින ආයතනය විසින් සිකුරාදා දින සිට පිටි බෙදා හැර ලබාගත් මුදල් සේප්පුවේ තබා බැංකු ගත කිරීමට සූදානම් වන අවස්ථාවේ කොල්ලකරුවන් දෙදෙනා පැමිණ කාර්යාලයේ දොර විවෘත කරන ලෙස දන්වා සිටියත් ඔවුන් දොර විවෘත නොකිරීම හේතුවෙන් රැගෙන ආ මන්නා පිහියෙන් වීදුරුව බිද පසුව මන්නා පිහිය පෙන්වා මුදල් අයකැමිගේ අත්දෙක පිටුපසට ගැටගසා ලක්ෂ 39 1/2 මුදල ද සේවකයින් දෙදෙනා අත තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිකා ජංගම දුරකථන දෙකක් ද කොල්ලකා පලා ගොස් තිබෙනවා.

මෙම කොල්ලයෙන් පසු කොල්ලකරුවන් මොරගහහේන දෙසට පලා ගොස් ඇති අතර සී.සී.ටී.වී දර්ශන ඔස්සේ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?