පිටි බෙදාහරින ආයතනයකට කඩාවැදී ලක්ෂ 39කට වැඩි මුදලක් කොල්ලකාලා

හොරණ සව්ගස් හන්දියේ දී ආයුධ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (01) සවස පිටි බෙදා හරින ආයතනයකට කඩා වැදී රුපියල් ලක්ෂ 39 1/2 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසනවා.

අදාළ පිටි බෙදා හරින ආයතනය විසින් සිකුරාදා දින සිට පිටි බෙදා හැර ලබාගත් මුදල් සේප්පුවේ තබා බැංකු ගත කිරීමට සූදානම් වන අවස්ථාවේ කොල්ලකරුවන් දෙදෙනා පැමිණ කාර්යාලයේ දොර විවෘත කරන ලෙස දන්වා සිටියත් ඔවුන් දොර විවෘත නොකිරීම හේතුවෙන් රැගෙන ආ මන්නා පිහියෙන් වීදුරුව බිද පසුව මන්නා පිහිය පෙන්වා මුදල් අයකැමිගේ අත්දෙක පිටුපසට ගැටගසා ලක්ෂ 39 1/2 මුදල ද සේවකයින් දෙදෙනා අත තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිකා ජංගම දුරකථන දෙකක් ද කොල්ලකා පලා ගොස් තිබෙනවා.

මෙම කොල්ලයෙන් පසු කොල්ලකරුවන් මොරගහහේන දෙසට පලා ගොස් ඇති අතර සී.සී.ටී.වී දර්ශන ඔස්සේ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26