වහළයක් උඩ තිබිය දී මළ සිරුරක් සොයාගෙන

නිවසක වහළයක් මත තිබිය දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ පානදුර, පින්වත්ත වෙන්දේසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි වාර්තා වුණේ.

පෙරේදා දින රාත්‍රියේ පැවති අධික වර්ෂාවට ඔහුගේ නිවස තෙමීම හේතුවෙන් උළු සකස් කිරීමට මෙම පුද්ගලයා ඊයේ දින වහළයට නැඟ තිබෙනවා.

එහිදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තම පියා පැය කිහිපයක සිට නිවසේ පෙනෙන්න නොමැතිවීම හේතුවෙන් නිවැසියන් සිදුකළ සොයාබැලීමේ දී වහළය උඩ මියගොස් සිටිය දී ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පානදුර මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පින්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23