IPL ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හයිද්‍රාබාදයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වසර 13ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට අද (24) දින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 277 ක් වාර්තා කරමින්.

එම ලකුණු සංඛ්‍යාව (277) සැලකෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර එලෙස ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වුණේ 2013 වසරේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම , පූනේ වොරියස් කණ්ඩායමට එරෙහිව කඩුළු 05 ක් දැවී ලබාගත් ලකුණු 263 යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

මෙහිදී හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 24 කින් ලකුණු 62ක් අභිෂේක් ශර්මා පන්දු 23 කින් ලකුණු 63ක් සහ අර්ඩින් මාක්‍රම් පන්දු 28 කින් ලකුණු 42ක් සහ හෙන්රිච් ක්ලාසන් පන්දු 34කින් ලකුණු 80ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15