spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

IPL ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හයිද්‍රාබාදයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වසර 13ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට අද (24) දින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 277 ක් වාර්තා කරමින්.

එම ලකුණු සංඛ්‍යාව (277) සැලකෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර එලෙස ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වුණේ 2013 වසරේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම , පූනේ වොරියස් කණ්ඩායමට එරෙහිව කඩුළු 05 ක් දැවී ලබාගත් ලකුණු 263 යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

මෙහිදී හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 24 කින් ලකුණු 62ක් අභිෂේක් ශර්මා පන්දු 23 කින් ලකුණු 63ක් සහ අර්ඩින් මාක්‍රම් පන්දු 28 කින් ලකුණු 42ක් සහ හෙන්රිච් ක්ලාසන් පන්දු 34කින් ලකුණු 80ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
16
+1
5
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?