ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයෙක් රිය අනතුරකින් ජිවිතක්ෂයට (ඡායාරුප)

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් මහතා ඔම්නත ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අණතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධ්‍යක්ෂකවරයා ගමන් ගත් කැබ් රථය අද (27) පස්වරුවේ ටිපර් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයා මිය ගොස් ඇති බවයි ඔිමන්ත පොලීසිය ප්‍රකාශ කළේ.

වෛද්‍යවරයා මුලතිව් සිට වව්නියාව දෙසට කැබ්රථයෙන් ගමන්කරමින් සිට ඇති අතර ටිපර් රථය වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළිවුණා.

එහිදී ටිපර් රථය ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝද රථය පසුකොට යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව
ඇතැයි පොලිසිය සැක කරන අතර මෙම දරුණු අනතුරින් බරපතල තුවාල ලැබූ වෛද්‍යවරයා එම අවස්ථාවේදීම වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කලද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවයි රෝහල් වෛද්‍යවරුන් සදහන් කළේ.

අනතුරින් පසුව ටිපර් රථයේ රියදුරුද සුළු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර පසුව රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවද වැඩිදුර පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය කියා සිටියා.

b91b035f 10ae 43a2 825b 1f3c2013e90f
A 6
A 3
A 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50