ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයෙක් රිය අනතුරකින් ජිවිතක්ෂයට (ඡායාරුප)

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් මහතා ඔම්නත ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අණතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධ්‍යක්ෂකවරයා ගමන් ගත් කැබ් රථය අද (27) පස්වරුවේ ටිපර් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයා මිය ගොස් ඇති බවයි ඔිමන්ත පොලීසිය ප්‍රකාශ කළේ.

වෛද්‍යවරයා මුලතිව් සිට වව්නියාව දෙසට කැබ්රථයෙන් ගමන්කරමින් සිට ඇති අතර ටිපර් රථය වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළිවුණා.

එහිදී ටිපර් රථය ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝද රථය පසුකොට යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව
ඇතැයි පොලිසිය සැක කරන අතර මෙම දරුණු අනතුරින් බරපතල තුවාල ලැබූ වෛද්‍යවරයා එම අවස්ථාවේදීම වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කලද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවයි රෝහල් වෛද්‍යවරුන් සදහන් කළේ.

අනතුරින් පසුව ටිපර් රථයේ රියදුරුද සුළු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර පසුව රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවද වැඩිදුර පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය කියා සිටියා.

b91b035f 10ae 43a2 825b 1f3c2013e90f
A 6
A 3
A 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
17
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?