මෛත්‍රීගේ ප්‍රකාශයේ විමර්ශනවල ප්‍රගතිය ගැන වාර්තාවක් අද අධිකරණයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයේ විමර්ශනවල ප්‍රගතිය අද (27) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව වාර්තා වනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධ්‍යනය කර නීතීපතිවරයාගේ උපදෙස් මත විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.