අලුත් අවුරුදු සමයේ බී ලූනු 400ට අඩුවෙන් – වෙළඳ ඇමති

එළඹෙන අලුත් අවුරුදුවන විට බී ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 375ත් 400ත් අතර මුදලකට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

අද (24) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර බී ලූනු මෙරට නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකාර්ම අමාත්‍යවරයා සමඟ කැබිනට් මණ්ඩලය තුළ සකච්ඡා කළ බව ද වෙළඳ අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ගැටළු රාශියක් පවතින බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර ඉන්දියාව බී ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබෙනවා.

එරට මහ මැතිවරණයකට පෙර ගනු ලැබූ මෙම පියවර විදේශීය වෙළෙඳපොළ රැසක මිල ගණන් ඉහළ නංවනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මෙලෙස ඉන්දීය අපනයන තහනමේ බලපෑමෙන් උත්සව සමයේ දී බී ලූනු මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් පවතින බව ආනයනකරුවන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52