අලුත් අවුරුදු සමයේ බී ලූනු 400ට අඩුවෙන් – වෙළඳ ඇමති

එළඹෙන අලුත් අවුරුදුවන විට බී ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 375ත් 400ත් අතර මුදලකට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

අද (24) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර බී ලූනු මෙරට නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකාර්ම අමාත්‍යවරයා සමඟ කැබිනට් මණ්ඩලය තුළ සකච්ඡා කළ බව ද වෙළඳ අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ගැටළු රාශියක් පවතින බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර ඉන්දියාව බී ලූනු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබෙනවා.

එරට මහ මැතිවරණයකට පෙර ගනු ලැබූ මෙම පියවර විදේශීය වෙළෙඳපොළ රැසක මිල ගණන් ඉහළ නංවනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මෙලෙස ඉන්දීය අපනයන තහනමේ බලපෑමෙන් උත්සව සමයේ දී බී ලූනු මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් පවතින බව ආනයනකරුවන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?