වාහන ආනයනයට අවසර දීමට සූදානම් – වැඩි සැලකිල්ල මේ වාහනවලටයි

දැනට ලංකාව තුළ වාහන එකලස් කිරීම හා යම් අගය එකතු කිරීමේ කර්මාන්ත සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉදිරි අනාගතයේදී යම් ආයෝජන රටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බවත් දැනට එය සාකච්ඡා මට්ටමේ තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අද (05) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට ලෝකයේ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් තිබෙන බවත් යම් දිනයක තම රජය විසින් වාහන ආනයනය සඳහා අවසර ලබා දුනහොත්, ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමුකරනු ලබන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

“අද ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් වාහන පිළිබඳව වැඩි සැලකිල්ලක් යොදවලා තියෙනවා. මං හිතන්නේ අපේ රටේත් එවැනි දෙයක් සිදුවිය යුතුයි. අපි යම් දිනයක වාහන ආනයනය කිරීමට අවසර දෙන විට අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන බව මතක් කර දෙන්නට කැමතියි. අපේ රට තුළ යම් ආකාරයකට වාහන නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම රට තුළ අගය එකතු කිරීමත් අපිට ඉතාමත් හොඳින් කළ හැති අවකාශයකුත් තිබෙනවා. විශේෂයෙන්ම ටයර්, සීට්, ඒ වගේ දේවල් අපේ රටේ කරන්න පුළුවන්. ඒ ගැනත් අපි සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ සියලුම අංශයන් ඔස්සේ කොවිඩ් වසංගතය නිසා එක් හොඳක් ලෙස අපේ රටේ ව්‍යාපාරිකයන් බොහොම උනන්දුවකින් කටයුතු කරනවා කියන්න පුළුවන්. ඒ නිසා ඒ හරහා අපිට මෙවැනි කර්මාන්ත දියත් කරන්න හැකිවෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයේ දැඩි අවධානය යොමුකරනවා.” යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්මන් රජය වාහන ආනයනය සීමා කිරීමට තීරණය කළේ කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණන් යුතුව යැයි කී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වසරේ අගදී සලකා බලන බව ද සඳහන් කරයි.

මේ අතර 2015 සිට 2019 දක්වා වසර 5 තුළ දී වාහන ආනයනය සඳහා වියදම් කර තිබෙන මුළු මුදල රු. බිලියන 1239 ක් හෙවත් රු. ට්‍රිලියන 1.239 ක් බවත්, රටවල් 103 කින් වාහන ආනයනය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා  අනාවරණය කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
97
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32