ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් මැදින් පුර පසළොස්වක පොහොය අදයි (වීඩියෝ)

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් දිනයක් ලෙස සැලකෙන මැදින් පොහොය දිනය අද (24) දිනට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදීන්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම සිදුවූයේ ද අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනකයි.

එහිදී කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම ,යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම ,මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විම, රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම මෙම පොහෝ දිනය්දී සිදුවුණා.

මෙහිදී දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරුන්ද පැවිදි වීමට කටයුතු කළා..

දෙමාපිය අවසර නොමැතිව කිසිවෙකු පැවිදි නොකරන ලෙස ප්‍රථම වතාවට බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පනවන ලද්දේ මෙම පොහෝ දිනයේ වීම විශේෂත්වයක්.

මේ අතර දසත බෝපත මැදින් පුන් පොහෝ දා ධර්ම දේශනාව අකරංගහ ශ්‍රී සුමණාරාම විහාරස්ථානයේ සිට අද (24) දිනය පුරා සජීවීව විකාශය කරනු ලබනවා.

එම සජීවී විකාශය සදහා දසත ෆේස්බුක් / යු ටියුබ් නාලිකා හරහා ඔබටද එක්වීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44