spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් මැදින් පුර පසළොස්වක පොහොය අදයි (වීඩියෝ)

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් දිනයක් ලෙස සැලකෙන මැදින් පොහොය දිනය අද (24) දිනට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදීන්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම සිදුවූයේ ද අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනකයි.

එහිදී කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම ,යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම ,මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විම, රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම මෙම පොහෝ දිනය්දී සිදුවුණා.

මෙහිදී දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරුන්ද පැවිදි වීමට කටයුතු කළා..

දෙමාපිය අවසර නොමැතිව කිසිවෙකු පැවිදි නොකරන ලෙස ප්‍රථම වතාවට බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පනවන ලද්දේ මෙම පොහෝ දිනයේ වීම විශේෂත්වයක්.

මේ අතර දසත බෝපත මැදින් පුන් පොහෝ දා ධර්ම දේශනාව අකරංගහ ශ්‍රී සුමණාරාම විහාරස්ථානයේ සිට අද (24) දිනය පුරා සජීවීව විකාශය කරනු ලබනවා.

එම සජීවී විකාශය සදහා දසත ෆේස්බුක් / යු ටියුබ් නාලිකා හරහා ඔබටද එක්වීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?