සුප්‍රීම් ටීවී, 2024 IPL තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිකරගනී

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම වසරේ ශ්‍රී ලංකාවේ නිල විකාශන අයිතිය සුප්‍රීම් ටීවී නාළිකාව හිමිකරගෙන තිබෙනවා.

ඒ, අනුව අඛණ්ඩව දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිකර ගැනීමට සුප්‍රීම් ටීවී නාළිකාව සමත්වීම විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන අයි.පී.එල් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටයි.

මෙවර තරගාවලිය එළඹෙන 22 වනදා ආරම්භ වන අතර, සමාරම්භක තරගය පසුගියවර ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් අතර පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට 2024 අයි.පී.එල් තරගාවලිය සුපැහැදිලි දසුන් සුප්‍රීම් ටීවී තුළින් නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.

සෑම තරඟයකම සජීවී විකාශනයට අමතරව, සුප්‍රීම් ටීවී විසින් රට පුරා සිටින ක්‍රිකට් රසිකයින් සඳහා නැවුම් අත්දැකීමක් විඳගැනීම සඳහා විශේෂ ක්‍රියාකාරකම් සහ අන්තර්ගතයන් රැසක් මේ වනවිටත් සූදානම් කරමින් සිටිනවා.

ඒ, අනුව දිවයින පුරා UHF 47න්, ඩයලොග් ටීවී නාළිකා අංක 20න්, පියෝ ටීවී නාළිකා අංක 16 සහ ෆ්‍රීසැට් නාළිකා අංක 07 ඔස්සේ සුපැහැදිලි දසුන් සමඟ සුප්‍රීම් ටීවී තුළින් මෙවර අයි.පී.එල් තරගාවලිය නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.

දිනෙන් දින තියුණුවන තරගාවලියේ යාවත්කාලීනවීම් සුප්‍රීම් ටීවී සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සහ දසත නිවුස් ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට ද අවස්ථාව හිමිවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50