සුප්‍රීම් ටීවී, 2024 IPL තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිකරගනී

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම වසරේ ශ්‍රී ලංකාවේ නිල විකාශන අයිතිය සුප්‍රීම් ටීවී නාළිකාව හිමිකරගෙන තිබෙනවා.

ඒ, අනුව අඛණ්ඩව දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිකර ගැනීමට සුප්‍රීම් ටීවී නාළිකාව සමත්වීම විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන අයි.පී.එල් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටයි.

මෙවර තරගාවලිය එළඹෙන 22 වනදා ආරම්භ වන අතර, සමාරම්භක තරගය පසුගියවර ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් අතර පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට 2024 අයි.පී.එල් තරගාවලිය සුපැහැදිලි දසුන් සුප්‍රීම් ටීවී තුළින් නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.

සෑම තරඟයකම සජීවී විකාශනයට අමතරව, සුප්‍රීම් ටීවී විසින් රට පුරා සිටින ක්‍රිකට් රසිකයින් සඳහා නැවුම් අත්දැකීමක් විඳගැනීම සඳහා විශේෂ ක්‍රියාකාරකම් සහ අන්තර්ගතයන් රැසක් මේ වනවිටත් සූදානම් කරමින් සිටිනවා.

ඒ, අනුව දිවයින පුරා UHF 47න්, ඩයලොග් ටීවී නාළිකා අංක 20න්, පියෝ ටීවී නාළිකා අංක 16 සහ ෆ්‍රීසැට් නාළිකා අංක 07 ඔස්සේ සුපැහැදිලි දසුන් සමඟ සුප්‍රීම් ටීවී තුළින් මෙවර අයි.පී.එල් තරගාවලිය නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.

දිනෙන් දින තියුණුවන තරගාවලියේ යාවත්කාලීනවීම් සුප්‍රීම් ටීවී සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සහ දසත නිවුස් ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දැකබලා ගැනීමට ද අවස්ථාව හිමිවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36