ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වෙනවා.
මෙම සාකච්ඡාව සඳහා මෙරට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල නායකයින්ට ද ආරාධනා කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ.
ඒ, අනුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන මෙම සාකච්ඡාවට එක්වන බව දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාව සඳහා එක් නොවන බව ලිපියක් මඟින් ඊයේ (10) දැනුම් දී තිබුණා.
එමෙන්ම ජාතික ජන බලවේගයයේ නායක අනුර කුමාර දිසානායක ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡාවට එක් නොවන බවයි වාර්තා වුණේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන මතවාදයන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් එම දේශපාලන කණ්ඩායම්වලට මෙම සාකච්ඡාවසඳහා ඇරයුම් කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.
මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය එක්වීමට නියමිතයි.














