බලන්ගොඩ පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නිවසෙන් හමුවෙයි

බලන්ගොඩ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නිවසේ කාමරයක එල්ලෙමින් තිබියදි අද (10) සවස සොයාගත් බලන්ගොඩ පින්නවල පොලිසිය පවසනවා.

බලන්ගොඩ ගුරුබැවිල ප්‍රදේශයේ පදිංචිව සිටි දාහතර හැවිරිදි සිසුවෙකුගේ සිරුර මෙලෙස හමු වි තිබෙනවා.

සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය බලන්ගොඩ හදිසි මරණ පරික්ෂණක විසින් සිදු කිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන යැම සදහා පොලිසිය කටයුතු කළා.

මෙම සිසුවා ප්‍රේම සබඳතාවක් හේතුවෙන් සිත් තැව්ලට පත්ව සිට තිබෙන බවට තොරතුරු අණාවරණය වි ඇති බවද පොලිසිය පවසනවා.

මෙය සියදිවි හානි කර ගැනිමක්ද නැතහොත් වෙනත් හේතුවක් නිසා මරණයට පත්වි ඇත්ද යන්න මෙතෙක් අණාවරණය වි නොමැති බවයි පරික්ෂණ සිදු කළ බලන්ගොඩ රෝහල් පොලිසිය සදහන් කළේ.