සිංහයින්ට සද්දේ දැමූ තව්හිඩ් රිඩෝයිට ICC යෙන් දඬුවම්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තුන්වන 20-20 තරඟයේදී ICC චර්යාධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩක තව්හිඩ් රිඩෝයි හට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් නියම කර තිබෙනවා.

මෙයට අමතරව, මාස 24 ක කාලය තුළ සිදු වූ පළමු වරද වෙනුවෙන් තව්හිඩ් රිඩෝයිගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුණක් ද එකතු කර තිබෙනවා.

බංග්ලාදේශ ඉනිමේ සිවුවැනි ඕවරයේදී මෙම සිදුවීම සිදු වූ අතර, දැවී යාමෙන් පසු නැවත යන අතරතුර තව්හිඩ් රිඩෝයි ආපසු හැරී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ බහින්බස් වීමක් ඇතිකරගත්තා.

තව්හිඩ් රිඩෝයි වරද පිළිගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
52
+1
8
+1
347
+1
11
+1
6
+1
11
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?