මත් ගුලි පැකට් සමඟ සිංහල බෙහෙත්හලේ හිමිකාරිය අත්අඩංගුවට

සිංහල බෙහෙත් අලෙවිසැලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමඟ වෙළෙඳසල් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

55 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ අගලවත්ත නගරයේ සිංහල ආයුර්වේද ඖෂධ සැලක් පවත්වාගෙන යනු ලබන ඕමත්ත ප්‍රදේශයේ කාන්තාවක් බවයි

මීට ඉහතදී අගලවත්ත නගරයේ සියලුම ආයුර්වේද ඖෂධ ශාලා හිමියන් අගලවත්ත පොලිසිය වෙත කැඳවා මෙවැනි මත්ගුලි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පාසල් දරුවන් ඇතුළු කිසිදු පුද්ගලයෙකුට අළෙවි නොකරන ලෙස පෞද්ගලිකවම අවවාද කර තිබෙනවා