බූස්ස බන්ධනාගාරයේ සිරකරුවෙකු බන්ධනාගාර නිලධාරියෙකුට පහර දෙයි

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි මරණීය දණ්ඩනයට නියමිත අභියාචක සිරකරුවෙකු විසින් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරියෙකුට පහරදී තිබෙනවා.

උතුම් ප්‍රසන්න රොසයිරෝ නමින් හදුන්වන මෙම රැදවියා විසින් විශේෂ අංශයේ රාජකාරී සිදු කළ මෙම නිළධාරීයාට ප.ව.04.35 ට පමණ ආහාර ලබා දෙන අවස්ථාවේ දී සිරකරු විසින් ගල්කැබැල්ලකින් නිළධාරියගේ වම් ඇසට පහලින් පිහිටි වම් කම්මුල් ප්‍රදේශයට පහරදීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව නිළධාරියා ප්‍රථිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරය මගින් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබෙන අතර සිරකරුගේ කළහකාරි හැසිරීම පාලනය කිරිමට වෙනම සිර මැදිරියක දමා ඇති අතර ගරු අධිකරණය මගින් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරිමට නියමිතයි.