ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අද (08)දිනට යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.

මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සව අද (08) උදෑසන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සංස්කෘතික අංගවලින් ද හැඩගැන්වීමට නියමිතයි.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන නිල සැමරුම් උත්සවය මෙවර මාර්තු 12 වන දා කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්වෙයි.