AFC Banner
Empty Ad
Empty Ad

දික්වැල්ල සංචිතයට ගෙනාවේ ඇයි ? තරංග උත්තර බඳී

අත්දැකීම් පදනම්කරගෙන නිරෝෂන් දික්වැල්ල බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට එක්කළ බව ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග පවසනවා.

ක්‍රිකට් ආයතනයේ අද (04) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් තරංග මේ බව සඳහන් කළා.

බංග්ලාදේශය සමඟ අද ආරම්භවන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබුවේ සංචිතයට නම්කර සිටි කුසල් ජනිත් පෙරේරා අසනීප තත්ත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත්වීම හේතුවෙන්.

කුසල් ජනිත්ගේ ස්ථානයට නවක ක්‍රීඩකයින් වන ශෙවෝන් ඩැනියල් සහ ලසිත් කෘස්පුල්ලේගේ නම් ද යෝජනා වූ බවත්, ඔවුන් දෙදෙනා මේ දිනවල දක්ෂතා අතර නොසිටීම දික්වැල්ල එම ස්ථානයට තෝරා ගැනීමට හේතුවක් වූ බව ද උපුල් තරංග වැඩිදුරටත් පැවසුවා.

මේ අතර නිරෝෂන් දික්වැල්ලගේ විනිය සම්බන්ධයෙන් ද තමන් ඔහු සමඟ පුද්ගලිකව සාකච්ඡා කළ බව ද තරංග මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය සඳහා නිරෝෂන් දික්වැල්ල කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල ක්‍රිකට් තේරීම් කමිටුවට දෝෂාරෝපණයට ලක් වුණා.

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ලගේ තේරීම, ක්‍රිකට් තේරීම් කමිටුව, නායකයා සහ ප්‍රධාන පුහුණුකරු එක්ව සිදුකළ සාකච්ඡාවකින් පසු ගත් සාමූහික තීරණයක් බව ද තරංග මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
13
+1
0
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?