දික්වැල්ල සංචිතයට ගෙනාවේ ඇයි ? තරංග උත්තර බඳී

අත්දැකීම් පදනම්කරගෙන නිරෝෂන් දික්වැල්ල බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට එක්කළ බව ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග පවසනවා.

ක්‍රිකට් ආයතනයේ අද (04) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් තරංග මේ බව සඳහන් කළා.

බංග්ලාදේශය සමඟ අද ආරම්භවන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබුවේ සංචිතයට නම්කර සිටි කුසල් ජනිත් පෙරේරා අසනීප තත්ත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත්වීම හේතුවෙන්.

කුසල් ජනිත්ගේ ස්ථානයට නවක ක්‍රීඩකයින් වන ශෙවෝන් ඩැනියල් සහ ලසිත් කෘස්පුල්ලේගේ නම් ද යෝජනා වූ බවත්, ඔවුන් දෙදෙනා මේ දිනවල දක්ෂතා අතර නොසිටීම දික්වැල්ල එම ස්ථානයට තෝරා ගැනීමට හේතුවක් වූ බව ද උපුල් තරංග වැඩිදුරටත් පැවසුවා.

මේ අතර නිරෝෂන් දික්වැල්ලගේ විනිය සම්බන්ධයෙන් ද තමන් ඔහු සමඟ පුද්ගලිකව සාකච්ඡා කළ බව ද තරංග මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය සඳහා නිරෝෂන් දික්වැල්ල කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල ක්‍රිකට් තේරීම් කමිටුවට දෝෂාරෝපණයට ලක් වුණා.

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ලගේ තේරීම, ක්‍රිකට් තේරීම් කමිටුව, නායකයා සහ ප්‍රධාන පුහුණුකරු එක්ව සිදුකළ සාකච්ඡාවකින් පසු ගත් සාමූහික තීරණයක් බව ද තරංග මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
13
+1
0
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18