ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට හෙට (04) ආරම්භ වනවා.
මේ අතර විස්සයි විස්ස තරගාවලියේ ශූරයින් වෙත පිරිනැමෙන කුසලානය අද (03) එළිදක්වනු ලැබුවා.
ඒ, කණ්ඩායමේ දෙකේ නායකයින්ගේ සහභාගීත්වයෙන්.
දෙරට අතර පළමු විස්සයි විස්සස තරගය හෙට පස්වරු 5.30ට බංග්ලාදේශයේ සිල්හෙත් හිදී ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවසන් වරට විස්සයි විස්ස තරගයක දී එකිනෙකා මුණගැසී ඇත්තේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.
මෙම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් ජයගැනීමට සමත් වුණා.
මේ අතර කණ්ඩායම් දෙකම තමන් අවසන්වරට සහභාගී වී ඇති ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය පරාජයට පත්ව සිටීම ද විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
1
+1
+1
1
+1
2














