සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි සහරාන් හෂිම්ගේ සහෝදරියගේ සැමියා කාත්තන්කුඩි පොලිසිය විසින් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඇතුළු තිස්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මොවුන් පිරිස කාත්තන්කුඩි පොලිස් වසමේ මුස්ලිම් පල්ලියක් අසළ රැස්ව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස එක් රැස් වූයේ සහරාන් හෂීම්ගේ ප්‍රතිපත්තිය යළි පණ ගැන්වීමට ද යන්න සැකය මත බුද්ධි අංශ සහ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

විමර්ශනවලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?