AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට ඇවිත් ඩොලීගෙන් කිරි තේ බීපූ බිල් ගේට්ස් (වීඩියෝ)

‘ඩොලී චායිවාලා’ යනු ලොවපුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් හඳුනන ජනප්‍රිය චරිතයක්.

ඉන්දියාවේ නාග්පූර් හි තේ වෙළෙන්දෙක් ලෙස සිය ව්‍යාපාරය සිදුකරන ‘ඩොලී චායිවාලා’ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආකර්ශනීය ලෙස සිය ව්‍යාපාරය සිදුකරගෙන යන පුද්ගලයෙක් ලෙසටයි.

සමාජ මාධ්‍යවල පත්ව ඇති ජනප්‍රියතාවය සහ ඔහුගේ ආකර්ශනීය විලාසිතාවන් හේතුවෙන්, ඔහුලවා දුම්වැටියක් දල්වාගෙන ඔහුගේ කිරි තේ කෝප්පයක රස බැලීමට නාග්පූර් වෙත ඇතැම් පුද්ගලයින් පැමිණීමට හුරු වී සිටිනවා.

මෙලෙස පැමිණෙන දහස් ගණනක් පුද්ගලයින් අතරින්, පසුගිය දා ඔහුව සොයාගෙන ලොව බිලියනපති ව්‍යාපාරික බිල් ගේට්ස් පැමිණ තිබුණා.

කෙසේ වෙතත් බිල් ගේට්ස්, කිරි තේ කෝප්පයක රසවිඳ එම ස්ථානයෙන් පිටව යන තුරුත් ඩොලී චායිවාලාට බිල් ගේට්ස්ව හඳුනාගැනීමට හැකි වී නැහැ.

“මම කොහෙත්ම දැනගෙන හිටියේ නැහැ, ඔහු විදේශ රටක කෙනෙක් නිසා මම ඔහුට තේ දෙන්න ඕනේ කියලා මම හිතුවා. ඊළඟ දවසේ මම නාග්පූර් වෙත ආපසු එන විට තමයි දැනගත්තේ පසුගිය දවසේ අවුත් තියෙන්නේ බිල් ගේට්ස් කියලා, අපි කතා කරේවත් නෑ, එයා මගේ ළඟින්ම හිටියා, මම මගේ වැඩත් එක්ක කාර්යබහුල වුණා. මම දකුණු චිත්‍රපට බලනවා, ඒවායින් මම විලාසිතා ඉගෙන ගත්තා. අද මට හිතෙනවා මම නාග්පූර් කා ඩොලි චායි වෙලා කියලා. අගමැති නරේන්ද්‍ර මෝදිට තේ පිළිගැන්වීමට මම කැමැත්තෙන් ඉන්නවා.”

මේ අතර ඩොලී චායිවාලාගේ තේ කෝප්පයක රසවිඳන බිල් ගේට්ස්ගේ වීඩියෝවක් බිල් ගේට්ස් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ එය පිළිබඳව මේ වනවිට කතා බහට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
16
+1
3
+1
2
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?