ඉන්දියාවට ඇවිත් ඩොලීගෙන් කිරි තේ බීපූ බිල් ගේට්ස් (වීඩියෝ)

‘ඩොලී චායිවාලා’ යනු ලොවපුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් හඳුනන ජනප්‍රිය චරිතයක්.

ඉන්දියාවේ නාග්පූර් හි තේ වෙළෙන්දෙක් ලෙස සිය ව්‍යාපාරය සිදුකරන ‘ඩොලී චායිවාලා’ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආකර්ශනීය ලෙස සිය ව්‍යාපාරය සිදුකරගෙන යන පුද්ගලයෙක් ලෙසටයි.

සමාජ මාධ්‍යවල පත්ව ඇති ජනප්‍රියතාවය සහ ඔහුගේ ආකර්ශනීය විලාසිතාවන් හේතුවෙන්, ඔහුලවා දුම්වැටියක් දල්වාගෙන ඔහුගේ කිරි තේ කෝප්පයක රස බැලීමට නාග්පූර් වෙත ඇතැම් පුද්ගලයින් පැමිණීමට හුරු වී සිටිනවා.

මෙලෙස පැමිණෙන දහස් ගණනක් පුද්ගලයින් අතරින්, පසුගිය දා ඔහුව සොයාගෙන ලොව බිලියනපති ව්‍යාපාරික බිල් ගේට්ස් පැමිණ තිබුණා.

කෙසේ වෙතත් බිල් ගේට්ස්, කිරි තේ කෝප්පයක රසවිඳ එම ස්ථානයෙන් පිටව යන තුරුත් ඩොලී චායිවාලාට බිල් ගේට්ස්ව හඳුනාගැනීමට හැකි වී නැහැ.

“මම කොහෙත්ම දැනගෙන හිටියේ නැහැ, ඔහු විදේශ රටක කෙනෙක් නිසා මම ඔහුට තේ දෙන්න ඕනේ කියලා මම හිතුවා. ඊළඟ දවසේ මම නාග්පූර් වෙත ආපසු එන විට තමයි දැනගත්තේ පසුගිය දවසේ අවුත් තියෙන්නේ බිල් ගේට්ස් කියලා, අපි කතා කරේවත් නෑ, එයා මගේ ළඟින්ම හිටියා, මම මගේ වැඩත් එක්ක කාර්යබහුල වුණා. මම දකුණු චිත්‍රපට බලනවා, ඒවායින් මම විලාසිතා ඉගෙන ගත්තා. අද මට හිතෙනවා මම නාග්පූර් කා ඩොලි චායි වෙලා කියලා. අගමැති නරේන්ද්‍ර මෝදිට තේ පිළිගැන්වීමට මම කැමැත්තෙන් ඉන්නවා.”

මේ අතර ඩොලී චායිවාලාගේ තේ කෝප්පයක රසවිඳන බිල් ගේට්ස්ගේ වීඩියෝවක් බිල් ගේට්ස් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ එය පිළිබඳව මේ වනවිට කතා බහට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
16
+1
3
+1
2
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16