ගාල්ල, පොද්දල ප්රදේශයේ නිවසකින් පැහැරගත් මෝටර් රථයක් ඇල්පිටිය, ජම්බුගහහේන කන්ද ප්රදේශයේ මාර්ගයක දමාගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අද (01) අලුයම 2.30ට පමණ අදාළ මෝටර් රථය මෙලෙස පැහැරගෙන ගොස් ඇති අතර, ඒ පිළිබඳව රථයේ හිමිකරු විසින් ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ, අනුව ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් පැහැරගත් මෝටර් රථය පසුපස ලුහුබැඳ ගොස් තිබෙනවා.
පොලිසිය මෝටර් රථය පසුපස ලුහුබැඳීමත් සමඟ මෝටර් රථය අතහැර දමා සැකකරුවන් පළාගොස් ඇති අතර පසුව එය පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෝටර් රථය පැහැරගෙන යමින් සිටිය දී එහි ටයරයක් ද පුපුරා ගොස් ඇති අතර, පොලිසිය රථය ලුහුබැඳීමත් සමඟ එය නොතකා කොල්ලකරුවන් විසින් ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.




