විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් අද (01) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
විදුලි ගාස්තු අඩුකිරීම සඳහාවන යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කිරීම සඳහා ඔවුන් මෙලෙස මහජන උපයෝගිතා කොමිසම වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
මහජන උපයෝගිතා කොමිසම මඟින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි වැඩිදුර තොරතුරු අද දිනයේ දී ලබාදීමට නියමිතයි.
මේ අතර විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දෙපාශ්වය අතර පසුගිය 28 වනදා පැවැත් වුණා.
එම තොරතුරු ද අද විදුලිබල මණ්ඩලය විසින් කොමිසමට ලබා දීමට නියමිතයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













