හිතේ ඇති වූ ආශාවට ව්‍යාපාරික කාන්තාවක් රූපවාහිනී නිවේදකයාව පැහැරගෙන

රූපවාහිනී නිවේදකයෙක් පැහැරගෙන ගොස් ඔහුව විවාහකර ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි 31 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් විසින් නිවේදකයාව පැහැර ගැනීම සිදුකර ඇති අතර, සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව නිවේදකයාව පැහැර ගැනීමට අදාළ ව්‍යාපාරික කාන්තාව විසින් කුලියට ගත් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ත්‍රිෂ්නා නැමති සැකකාර කාන්තාව මීට වසර දෙකකට පෙර විවාහ වෙබ් අඩවියක නිවේදකයාගේ ඡායාරූපය දැක ඔහු කෙරෙහි ආශාවක් ඇතිව තිබෙනවා.

අනතුරුව ඇය විසින් නිවේදකයාගේ දුරකථන අංකය සොයාගෙන ඔහු හා සම්බන්ධ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී නිවේදකයා ව්‍යාපාරික කාන්තාවට පවසා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු තම ඡායාරූපය යොදාගෙන අදාළ විවාහ වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුමක් නිර්මාණය කර ඇති බවයි.

එම ගිණුම තමන්ගේ නොවන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ ආරක්ෂක අංශ වෙත තමන් පැමිණිලිකර ඇති බවත් ඔහු ව්‍යාපාරික කාන්තාවට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව, ප්‍රනාව් සිස්ටා නැමැති මෙම නිවේදකයා කෙරෙහි තිබූ ආශාව අත්නොහැර ඇති අතර, ඔහු යන එන තැන සම්බන්ධයෙන් ඇය වසර කිහිපයක සිට නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ව්‍යාපාරික කාන්තාව විසින් හොර රහසේ නිවේදකයාගේ මෝටර් රථයේ ලුහුබැඳීමේ උපකරණයක් ද සවිකර ඇති බව හෙළිවී තිබෙනවා.

අනතුරුව ඇය නිවේදකයා සමඟ සමඟ විවාහ වීමට අදිටන් කරගෙන ඔහුව පැහැර ගැනීමේ සැලැස්ම සකස්කර ඇති අතර, ඒ සඳහා සහායට ඇය විසින් කුලියට තවත් පුද්ගලයින් සිව්දෙනෙක් ද සම්බන්ධ කරගෙන ඇති බව සඳහන්.

ඒ, අනුව පසුගිය 11 වනදා අදාළ පුද්ගලයින් විසින් රූපවාහිනී නිවේදිකාව පැහැරගෙන ගොස් කාන්තාවගේ කාර්යාලයේ දී ඔහුට පහරදීම් සිදුකර වද හිංසා පමුණුවා තිබෙනවා.

තම ජීවිතය ගැන බියෙන් රූපවාහිනී නිවේදකයා කාන්තාවගේ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට එකඟවීමෙන් පසු ඔහුව නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස නිදහස්ව පැමිණි නිවේදකයා උප්පල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනුකර ඇති අතර, එම පැමිණිල්ලට අනුව සැකකාර ව්‍යාපාරික කත සහ අනෙක් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
26
+1
5
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?