මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ දිනවල සිදුකෙරන අතර වී සඳහා ප්රමාණවත් මිලක් නොලැබෙන බවට ගොවීන් මැසිවිලි නගනවා.
වී සඳහා එලෙස අඩු මිලක් ලැබෙද්දී පාලන මිල ඉක්මවා වෙළෙඳ පොළේ සහල් අලෙවි වන බවටත් සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවටත් රට පුරා පාරිභෝගිකයන් චෝදනා කරනවා.
පොළොන්නරුව , අනුරාධපුර ඇතුළු ප්රදේශ රැසක මේ වනවිට මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ කර තිබෙනවා.
අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග වී සඳහා රජය සහතික මිලක් නියම කළා.
එම මිල ප්රමාණවත් නැතැයි චෝදනා කරන ගොවීන් පවසන්නේ පෞද්ගලික වී මෝල් හිමියන් ඉතා අඩු මුදලකට සිය අස්වැන්න මිලදී ගන්නා බවයි.
මේ හේතුවෙන් රට පුරා ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.
ගොවියාට සිය වී අස්වැන්නට නිසි මිලක් නොලැබුණත් මේ වන විට වෙළෙඳපොළේ සහල් මිල පාරිභෝගිකයාට දරා ගත නොහැකි තරම් ඉහළ ගොස් තිබෙනවා.
ඇතැම් වෙළෙඳුන් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
වෙළඳපොළේ සහල් හිඟයක් ද නිර්මාණය වී ඇති බවද ජනතාව පවසනවා.
