දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල ආරක්ෂාව සඳහා බහු කාර්ය සාධක බලකායට 2000ක් බඳවා ගැනීම කඩිනම් කරන ලෙස ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
මීට පෙර මාර්ග නඩත්තු කටයුතු සඳහා බහු කාර්ය සාධක බලකායේ 3000කට ආසන්න ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
