ණය ප්‍රතිව්‍යුහගතකරණය ජුනි මස දී අවසන් කිරීම රජයේ අරමුණයි – රංජිත් සියඹලාපිටිය

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්,

ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ඉලක්කය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ 2022 වර්ෂයේ දී ආර්ථික අර්බුධය ඇතිවන අවස්ථාව වන විට ඩොලර් බිලියන 90ක පමණ ණය මුදලක් ගෙවීමට තිබූ බවයි.

ඉන් අඩක් දේශිය ණය ලෙසත්, ඉතිරි කොටස විදේශ ණය ලෙසත් තිබූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

දේශිය ණය ප්‍රතිව්‍යූහගතකරණය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව සඳහන් කළ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විදේශ ණය බහු පාර්ශවීය සහ ද්විපාර්ශවීය ණය ලෙස කොටස් දෙකකින් සමන්විත බව සඳහන් කළා.

එම බහු පාර්ශවීය ණය අඛණ්ඩව ගෙවීමට කටයුතු කළ බව පැවසු ඔහු ද්වි පාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ඉතා සාර්ථකව මේ වන විට පැවැත්වෙමින් ඇති බවයි පැවසුවේ.

රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමාකර ගිවිසුම් ගතවීමටත්, ස්වෛරීත්ව බැදුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා අප්‍රේල් මාසය වන විටත්, ජුනි මාසය වන විට මෙරට තිබූ ගැඹුරුම ආර්ථික ප්‍රශ්නයක්වන ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම නිමා කිරීමත් ඉලක්කය බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18