AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් ක්‍රීඩාව පරාජය වූ තරුණයා ගෙළ කපාගෙන

ඔන්ලයින් ක්‍රීඩාවක් පරාජයට පත්වීමෙන් පසු තියුණු ආයුධයකින් සිය ගෙළ කපාගත් පුද්ගලයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩිෂා හි ජෙරෙන්ග් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් මෙලෙස සිය ගෙන කපාගෙන ඇති අතර, ඔහු වහාම කටක් ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන මෙම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

සෞම්‍ය රන්ජන් නායක් නැමැති මෙම පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් ඔන්ලයින් ක්‍රීඩාවක් ක්‍රීඩාකර ඇති අතර, එම ක්‍රීඩාව තුන්වතාවක් පරාජයට පත්වීම හේතුවෙන් ඔහු ඊයේ (17) මෙලෙස සිය ගෙළ කපාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?