spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

අද (17) පස්වරු 5.00 සිට හෙට (18) පෙරවරු 9.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ, අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?