ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමක්

2006 අංක 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය,ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ඉදිරියේ දී, සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ. එම්. එස්. එන්. ජයසිංහ සහ මූල්‍ය බුද්ධි ඒකකයේ එවකට අධ්‍යක්ෂ ඊ. එච්. මොහොට්ටි අදාළ ආයතන වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යනු ගෝලීය මෙන්ම ජාතික ආර්ථික හා මූල්‍ය පද්ධතිවල ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන මූල්‍ය අපරාධයන් වනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ මූල්‍ය බුද්ධි ඒකකය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම මඟින් එවැනි අනීතික කටයුතු වැළැක්වීම, අනාවරණය කරගැනීම සහ එම වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු පැවරීම සඳහා අත්‍යවශ්‍ය වන තොරතුරු හුවමාරු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණින් මූල්‍ය බුද්ධි ඒකකය, 2008 වසරේ සිට මේ දක්වා විදේශීය පාර්ශ්ව 44 ක් සමඟ මෙන්ම ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු තවත් දේශීය රාජ්‍ය ආයතන 11ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32