spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමක්

2006 අංක 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය,ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ඉදිරියේ දී, සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ. එම්. එස්. එන්. ජයසිංහ සහ මූල්‍ය බුද්ධි ඒකකයේ එවකට අධ්‍යක්ෂ ඊ. එච්. මොහොට්ටි අදාළ ආයතන වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යනු ගෝලීය මෙන්ම ජාතික ආර්ථික හා මූල්‍ය පද්ධතිවල ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන මූල්‍ය අපරාධයන් වනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ මූල්‍ය බුද්ධි ඒකකය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම මඟින් එවැනි අනීතික කටයුතු වැළැක්වීම, අනාවරණය කරගැනීම සහ එම වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු පැවරීම සඳහා අත්‍යවශ්‍ය වන තොරතුරු හුවමාරු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණින් මූල්‍ය බුද්ධි ඒකකය, 2008 වසරේ සිට මේ දක්වා විදේශීය පාර්ශ්ව 44 ක් සමඟ මෙන්ම ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු තවත් දේශීය රාජ්‍ය ආයතන 11ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?