කතක් කෙලෙසූ කොස්තාපල් වසර හතක් සිර ගෙට යවයි

අවිවාහක කාන්තාවක් දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර හතක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා අද (14)දින නියෝග කළා.

ඊට අමතරව වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් හේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

නුවරඑළිය හයි ෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල් සාලිය බණ්ඩාර වීරසිංහට එරෙහිවයි නුවරඑළිය මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

35 හැවිරිදි අවිවාහක කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් 2019 වසරේ නුවරඑළිය මහාධිකරණයේ දී, අදාළ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මෙම නඩුකරය ගොනුකර තිබුණා.

වසර පහක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි මත නුවරඑළිය මහාධිකරණයේ දී අදාළ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයාට ලබා දුන් සිර දඬුවම් තීන්දුවට අමතරව අධිකරණයට රුපියල් විසි දහසක දඩයක් ගෙවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51