කතක් කෙලෙසූ කොස්තාපල් වසර හතක් සිර ගෙට යවයි

අවිවාහක කාන්තාවක් දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර හතක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා අද (14)දින නියෝග කළා.

ඊට අමතරව වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් හේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

නුවරඑළිය හයි ෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල් සාලිය බණ්ඩාර වීරසිංහට එරෙහිවයි නුවරඑළිය මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

35 හැවිරිදි අවිවාහක කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් 2019 වසරේ නුවරඑළිය මහාධිකරණයේ දී, අදාළ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මෙම නඩුකරය ගොනුකර තිබුණා.

වසර පහක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි මත නුවරඑළිය මහාධිකරණයේ දී අදාළ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයාට ලබා දුන් සිර දඬුවම් තීන්දුවට අමතරව අධිකරණයට රුපියල් විසි දහසක දඩයක් ගෙවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?