සිංහරාජයේ වැව් ඉදිකිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර

සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ මාර්ගයක් සහ වැව් ඉදිකිරීමට ගෙන තිබූ තීරණයක් අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) දින අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අමාත්‍යවරයා හා පරිසර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි වනජීවී අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසකට මෙම පෙත්සමට අදාළව කරුණු දක්නට ලෙස දන්වා අධිකරණය විසින් නොතීසිද නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් පාලන සමයේ පාරිසරික වටිනාකමක් සහිත සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ අලුතෙන් මාර්ගයක් ඉදි කිරීමටත්, පවතින මාර්ගයක් පුළුල් කිරීමට සහ ඒ තුළ වැව් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බවයි.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවහොත් ඒ තුළින් සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපයේ ජෛව විවිධත්වයට හානි සිදුවන අතර ඉන් පාරිසරික වශයෙන්ද දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණා.

එබැවින් අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාදීකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56