spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිංහරාජයේ වැව් ඉදිකිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර

සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ මාර්ගයක් සහ වැව් ඉදිකිරීමට ගෙන තිබූ තීරණයක් අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) දින අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අමාත්‍යවරයා හා පරිසර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි වනජීවී අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසකට මෙම පෙත්සමට අදාළව කරුණු දක්නට ලෙස දන්වා අධිකරණය විසින් නොතීසිද නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් පාලන සමයේ පාරිසරික වටිනාකමක් සහිත සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ අලුතෙන් මාර්ගයක් ඉදි කිරීමටත්, පවතින මාර්ගයක් පුළුල් කිරීමට සහ ඒ තුළ වැව් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බවයි.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවහොත් ඒ තුළින් සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපයේ ජෛව විවිධත්වයට හානි සිදුවන අතර ඉන් පාරිසරික වශයෙන්ද දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණා.

එබැවින් අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාදීකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?