AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි සැරයන් ජීවිතක්ෂයට – සැකකරු කාන්තාවක් සමඟ අල්ලයි (වීඩියෝ)

මල්වතුහිරිපිටිය, බටේපොල ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩිවැදීමකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අදාළ පොලිස් නිලධාරියා ඊයේ (11) රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මෙම පොලිස් නිලධාරියට වෙඩි තබා ඔහුගේ රාජකාරී ගිනි අවිය පැහැරගෙන පළාගිය සැකකරු ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු සමඟ කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්‍ය බලකාය සඳහන් කළේ.

ඒ, සමඟ සැකකරු විසින් පැහැරගත් පොලිස් නිලධාරියාගේ ගිනි අවිය සහ ජීව උණ්ඩ හතරක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුව ගම්පහ, වතුරුගම ප්‍රදේශයේ සඟවා තිබිය දී අදාළ රිවෝල්වරය සහ ජීව උණ්ඩ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ත්‍රීවිල් රථ රියදුරෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?