වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි සැරයන් ජීවිතක්ෂයට – සැකකරු කාන්තාවක් සමඟ අල්ලයි (වීඩියෝ)

මල්වතුහිරිපිටිය, බටේපොල ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩිවැදීමකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අදාළ පොලිස් නිලධාරියා ඊයේ (11) රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර මෙම පොලිස් නිලධාරියට වෙඩි තබා ඔහුගේ රාජකාරී ගිනි අවිය පැහැරගෙන පළාගිය සැකකරු ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු සමඟ කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්‍ය බලකාය සඳහන් කළේ.

ඒ, සමඟ සැකකරු විසින් පැහැරගත් පොලිස් නිලධාරියාගේ ගිනි අවිය සහ ජීව උණ්ඩ හතරක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුව ගම්පහ, වතුරුගම ප්‍රදේශයේ සඟවා තිබිය දී අදාළ රිවෝල්වරය සහ ජීව උණ්ඩ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ත්‍රීවිල් රථ රියදුරෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56