දැරියක් කෙලෙසූ පාපතරයෙක් වසර 10 කට පසු අල්ලයි

වසර 10ක් අධිකරණය මගහරිමින් සැඟව සිටි වරෙන්තුකරුවෙකු මාවනැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් සිසුවියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටිමින් ඔහු අධිකරණය මගහරිමින් සිටියා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නෝටන්බි්‍රජ්, ටෙබර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිැරිදි පුද්ගලයෙක්.

ඔහු පදිංචිව සිටි වත්තේ 11 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බි්‍රජ් පොලිසිය මගින් එවකට සැකකරු අත්අඩංගුවට ගැනිමට සුදානම්ව සිටියා.

නමුත් එම අවස්තාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟව සිට විවිධ රැකියාවල නිරත වී සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ වෙස් වලාගෙන කඩල විකුණමින් සිටින බවට නෝටන්බි්‍රජ් පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට සහ නෝටන්බ්‍රිඡ් පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරින්ට තොරතුරක් ලැබී තිබුණා.

අනතුරුව යුක්තිය මෙහෙයුමට සමගාමීව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ උපදෙස් පරිදි මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23