ආණමඩුවේ වෙඩි තැබීමක්

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය සඳහන් කරනවා.

ඊයේ (08) රාත්‍රීයේ ආණමඩුව, තට්ටෑව මාර්ගයේ සුසාන භූමිය ආසන්නයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආණමඩුව, පේත්තුකුලම පදිංචිකරුවෙකු වන අවුරුදු 44ක පුද්ගලයෙක්.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි අයව ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදීම ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබුණා.

පසුව ඔහුව පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇති අතර තුවාලකරුගේ වම් බාහුවට බරපතල හානි සිදුවී ඇති බැවින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (09) අළුයම කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩි තැබීම සඳහා බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව විමර්ශනවල දී හෙළිව ඇති බව සඳහන්.

වෙඩි තැබීම සිදු කර ඇති සැකකරු ආණමඩුව, වැටියපහළගම පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මීට මාස කීපයකට පෙර සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් සැකකරු හා තුවාලකරු අතර අමනාපයක් තිබී ඇති බවයි විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08