spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණමඩුවේ වෙඩි තැබීමක්

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය සඳහන් කරනවා.

ඊයේ (08) රාත්‍රීයේ ආණමඩුව, තට්ටෑව මාර්ගයේ සුසාන භූමිය ආසන්නයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආණමඩුව, පේත්තුකුලම පදිංචිකරුවෙකු වන අවුරුදු 44ක පුද්ගලයෙක්.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි අයව ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදීම ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබුණා.

පසුව ඔහුව පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇති අතර තුවාලකරුගේ වම් බාහුවට බරපතල හානි සිදුවී ඇති බැවින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (09) අළුයම කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩි තැබීම සඳහා බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව විමර්ශනවල දී හෙළිව ඇති බව සඳහන්.

වෙඩි තැබීම සිදු කර ඇති සැකකරු ආණමඩුව, වැටියපහළගම පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මීට මාස කීපයකට පෙර සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් සැකකරු හා තුවාලකරු අතර අමනාපයක් තිබී ඇති බවයි විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?