මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තියන්න වෙඩික්කරුවන් ආ රථයේ රියැදුරු මාට්ටු

මල්වතුහිරිපිටිය, විහාරස්ථානයක හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වාහනයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැකකෙරෙන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් 29 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී අවිආයුධ සහ දේපල රැසක් විමර්ශන නිළධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 01 ක්, ටී 56 ගිනි අවි 01 ක්, ටී 56 උණ්ඩ 15ක්, ටී56 උණ්ඩ යෙදිය හැකි පතොරම් ගැබ් 02 ක්, මි.මී. 9 පිස්තෝල අවි 01 ක්, මි.මී. 9 පිස්තෝල උණ්ඩ 02 ක්, මි.මී. 9 පිස්තෝල උණ්ඩ යෙදිය හැකි පතොරම් ගැබ් 01 ක්, අයිස් මත්ද්‍රව්‍ය ඔහු සන්තකයේ තිබී සොයාගත්තා.

ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක්, අපරාධය සදහා යොදාගත් මෝටර් රථයේ යතුර සහ ජංගම දුරකථනයක්ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56